We are MRTns
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ඛනිජ සම්පත්
සහ තාක්ශනය උපාධි පාඨමාලාවේ 2009/2010 සිසු කණ්ඩායම විසින් 2011 11 වෙනි
මාසයේ “මතු රැකෙන ශිල්පයෙන් මතු දිනන පරපුරක්
” යන තේමාවෙන් ආරම්භ කල අ.පො.ස සාමාන්ය පෙළ විභාග සත්කාරක සම්මන්ත්‍රන මාලාව මෙවරද
2010/2011 සිසු කණ්ඩායම විසින් 2012 11 මාසයේද
පස්සර ගැමුණු මහා විද්‍යාලයේ 24, 25, 26 සහ 27 යන දිනයන් 4 තුලදී පවත්වුවා, ගණිතය, විද්‍යාව සහ English අදාල විශයන්
විය. මෙම මෙහෙයුම සෑම අවුරුද්දකම Mineral Resources and Technology උපාදියේ දෙවන වසරේ
( 2nd Year ) සිසුන් විසින් කළ යුතු සත්කාරයකි, එය සෑම අවුරුද්දකම එසේම
සිදු වේවි,
Behind the stage සහ මගේ අදහස්
Degree meeting අරගෙන අපේ කට්ටියගෙන් සල්ලි එකතු කරලා,
සා. පෙළ උගන්වන ගුරුවරුන් හොයාගෙන, මුල සිට ආයෙත් සා.පෙළ විශයන් පාඩම් කරලා, අදාල පෙළ
පොත් හොයාගෙන, පේපර්ස් හදල, හදපු පේපර්ස් අපේම Lecturersලට පෙන්වලා, ඒවා 3, 4 වාරයක්
නිවරදි කරලා, 5 , 6 වාරයක් Admin එකට ගිහින් , කරන දේට අන්තිම මොහොතෙදි අවසර අරගෙන,
පේපර්ස් print කරලා, ඒ පේපර්ස් එකක් පාසා නවලා
file වලට දාලා අපි ගොඩාක් දෙවල් කරනකොට , මේක කරදරයක් කියල මේ දේවල් වෙනුවෙන් වෙහෙසුන
අපිට හිතුන වෙලාවල් අනන්තයි. ඒත්, එතනට ගිහින්, අපේම නංගිලා මල්ලිලා වගේ හිටපු ඒ පොඩි
සහෝදර සහෝදරියන්ට උගන්වනකොට හිතට ආපු සතුට කියලා නිම කරන්න අමාරුයි, ප්ස්සර කියන්නෙ
බදුල්ලට පොඩ්ඩක් එහාය්න් තියෙන පොඩි නගරයක්, නගරයකටත් වඩා ගමක්, ඊටත් එහායින් තියෙන
පුංචි ගම් වල ඉන්න දුප්පත් අම්මලා තාත්තලගෙ ළමයි තමය් එදා අපේ Seminar එකට ආවෙ, ඒ වගේ
නංගිලා මල්ලිලාට, ඒ කියන්නෙ අපි කරපු දේ වටිනාකමක් තිබ්බ අයට ඒ දේ කරන්න පුලුවන් වුන
එකට අපිට සතුටුයි, අන්තිම දවසෙ අන්තිම මොහොතෙ, ඉවර කරන්න යනකොට, ඒ නංගිලා මල්ලිලා අපිට
පෑනක් සමග key tag එකක් හා කොළයක ලියපු පුංචි නිසඳසක් දුන්නා, ඒක පොඩි තෑග්ගක් උනත්,
හිතට ආපු සතුට හා ඒ දුන්න පොඩි දේ රැඳිලා තිබුන අහිංසක ආදරය කවදාවාත් අපේ හිත් වලින්
ඉවත් වෙන්නෙ නෑ, ඊටත් වඩා ඒ පොඩි නංගිලා මල්ලිලා අපිට දන ගහලා වඳින කොට අපේ ඇස් වලට
ආවෙ ක්ඳුලු, අපි කරපු දේ වටිනාකම කොය්තරම් වටිනවද කියල අපිට තහවුරු වුනේ එතකොටයි. අපි
කරපු දේ සහ වෙහෙසුන එක ගෙන අපිට සතුටුයි.
elz, mamath hithan hitiye blog post 1kak danna. elz (Y)
ReplyDeletegood work malla
ReplyDeleteThanx bro
ReplyDelete